| ජාතික හරිත වාර්තාකරණ ක්රමවේදය සදහා ස්වකීය අභිමතය ප්‍රකාශ කිරීම - 2012 |
|
හැදින්වීම: තිරසර සංවර්ධනය හමුවේ ඇති අභියෝගවලට මුහුණදීම සදහා කාලීන නවෝත්පාදන වෙත යොමුවිම් අවශ්‍යව ඇත. ඕනෑම රකටක සමාජයීය හා ආර්ථික අංශවල එවන් නවෝත්පාදන ක්‍රම ප්‍රවර්ධනය කිරීම සදහා ජාතික වශයෙන් උචිත වැඩසටහන් අවශ්‍ය වේ. නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයන්හි තිරසර කාර්ය සාධනය ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්මෙන් යුතුව 2011 වර්ෂයේ දී පරිසර අමාත්‍යාංශය ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලදි. ඒසදහා හරිත වාර්තාකරණය සදහා වන (GRI) G3 මාර්ගෝපදේශ හා සමාජ වගකීම සදහා වන ISO 26000 ප්‍රමිතින් පාදක කොටගෙන ඇත.
හරිත වාර්තාකරණය යනු තිරසර කාර්යසාධනය පිළිබද තොරතුරු ලබාදෙන්නාවු ඵලදායි සන්නිවේදන මෙවලමකි. ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය නිර්ණායකයන් පනහකින් (50) යුක්ත වන අතර එයින් විසිහතරක් (24) පාරිසරික,විස්සක් (20) සමාජයීය හා හයක් (06) ආර්ථික නිර්ණායකයන් වේ. ශ්‍රී ලංකා ජාතික හරිත වාර්තාකරණ ක්රමවේදය සදහා වන උපදෙස් මාලාවක් සකස් කර 2011 ජුනි මස 17 දින එළි දක්වන ලද අතර එදින පළමු කණ්ඩායම ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයට ඇතුලත් කරන ලදි. ජාතික හරිත වාර්තාකරණ කැමැත්තක් දක්වන නිෂ්පාදන හා සේවා අංශවලින් දෙවන කණ්ඩායම බදවා ගැනිමට 2012 ජුලි මස 15 දක්වා අයදුම්පත් කැදවනු ලැබේ. ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයේ පළමු සංවත්සරය හා ප්‍රගති සමාලෝචන 2012 අගෝස්තු මසදී පැවැත්වේ.
ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයේ ප්‍රතිලාභ: · මෙහෙයුම් කාර්යසාධනය ප්‍රවර්ධනය · පාර්ශවකරුවන් අතර සහ සම්බන්ධය ප්‍රවර්ධනය · ආයෝජකයින් අතර සහ සම්බන්ධය ප්‍රවර්ධනය · නව වෙළදපල හා ව්‍යාපාර අවස්ථා ප්‍රවර්ධනය · නව වෙළදපල හා ව්‍යාපාර අවස්ථා හදුනාගැනිම · මහජන ප්‍රසාදය වර්ධනය · සම්පත් කාර්යක්ෂමතාවය උපරිම කිරිම · පරිසර දුෂණය වැලැක්වීම · අවදානම් කළමනාකරණය ප්‍රවර්ධනය කිරිම
ජාතික හරිත වාර්තාකරණ ක්රමවේදයේ අරමුණු:
1. ගෝලිය හා ජාතික තරගකාරි වෙළදපල ක්‍රමය තුළ රැදි සිටිමට හැකිවන පරිදි නිෂ්පාදන හා සේවා අංශවල තිරසර කාර්ය සාධනය හදුනා ගැනිම, ඇගයීම හා ප්‍රසාදයට ලක්කිරීම සදහා පහසුකම් සැපයීම. 2. තිරසර සංවර්ධන රාමුව තුළ ආර්ථික සංවර්ධන අභියෝගවලට මුහුණදිමට හැකිවන පරිදි රටේ හැකියාවන් වැඩිදියුණු කිරීම.
ජාතික හරිත වාර්තාකරණ ක්රමවේදය සදහා සම්බන්ධවීම්: ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන නිෂ්පාදන හා සේවා ආයතනවලට මේ සදහා සම්බන්ධ විය හැක.ඒ සදහා වැඩි විස්තර පරිසර අමාත්‍යාංශයේ,තිරසර සංවර්ධන අංශයේ, අධ්‍යක්ෂගෙන් 0112883456 දුරකථන අංකයෙන් විමසීම් කළ හැක. වැඩි විස්තර සදහා විද්‍යුත් තැපෑල හා වෙබ් අඩවිය: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ , www.environmentmin.gov.lk.
ලේකම් පරිසර අමාත්‍යාංශය 82,සම්පත්පාය, රජමල්වත්ත පාර බත්තරමුල්ල 2012 ජුනි 26
Format EOI Express of Interest Implementation of National Green Reporting System in Sri Lanka
01.Name of the Industry/Company: -------------------------------------------------------------------------------- 02.Address: --------------------------------------------------------------------------------------------------------------- 03.Contact No: Telephone:---------------------------------------- Fax:---------------------------------------------- Email:--------------------------------------------------------------------------------------------------------------------
Would you interest to be associated with the National Green Reporting System in Sri Lanka?
Yes No
04. If yes, the Tier will be reported: 01. 02 03 04 05
05. Name (Authorized person): ---------------------------------------------------------------------------------------- 06. Designation: ------------------------------------------------------------------------------------------------------------ 07. Signature:---------------------------------------------- Date:-------------------------------------------
Please express your interest by filling this form to the Director, Sustainable Development Division, Ministry of Environment, though faxing to 0114443942 or sending to the Director, Sustainable Development Division, Ministry of Environment, 980/4, Wickramasinghe Place, Ethul Kotte on or before 15th July, 2012. National Green Reporting Guideline is available wwwenvironmentmin.gov.lk. If you have any further clarification, please do not hesitate to contact the Director, Sustainable Development Division of Ministry of Environment by 0112883456.
|
| අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 26 වෙනි අඟහරුවාදා, 14:46 |







