si_uni  ta_uni
TamilEnglish

ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය, පුහුණු කිරීම් හා හැකියා වර්ධනය පිළිබඳ තත්ත්වය.

ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය හා පුහුණු කිරීම් පිළිබඳ තත්ත්වයට අදාල වන දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා විශේෂඥ උපදේශක ක්‍රියාවලියක්, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද අතර එය 2012-03-27 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වුණි. මෙහි විශේෂිතම අරමුණ වූයේ ජෛව ආරක්ෂිත අධ්‍යාපනය, පුහුණු කිරීම් හා හැකියා වර්ධනය සම්බන්ධව කටයුතු අවසානයකට ගෙන ඒම, අඩුපාඩු ඇති තැන් හඳුණා ගැනීම හා විධිමත් මෙන්ම නොවිධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රයන් හි ඇති සාමාන්‍ය හා විශේෂිත උපාය මාර්ග හඳුනා ගැනීමය. මෙම කටයුත්ත සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල පෙරේරා මහත්ගේ උපදේශකත්වය ඇතිව, ජාතික අධ්‍යාපන ආයතනය, විවිධ විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන හා අනෙකුත් අදාල ආයතනවල සහභාගිත්වය ඇතිව සිදු කරන ලදි. මෙම කාර්ය මගින් ලැබෙන්නා වූ ප්‍රතිඵල අනුව වාර්ථාවක් සැකසීමට නියමිත අතර එය අදාල ආයතනය සඳහා යොමු කරනු ඇත. ඒ අනුව අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, පශ්චාත් උපාධි ආයතන/පීඨ සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන අතර, එමගින් ප්‍රාථමික, ද්විතීයික හා විශ්ව විද්‍යාලවල දැනට පවත්නා විෂය නිර්දේශයන් වැඩි දියුණු කිරීම තුළින් ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය, පුහුණු කිරීම් හා හැකියා වර්ධනය සහ ක්ෂේත්‍රවල මූලික හා ඍජු අධ්‍යාපන ක්‍රම වේදයන්ගේ ඇති අඩුපාඩු මග හරවාලීමට අපේක්ෂා කරයි. 

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 19 වෙනි බ්‍රහස්පතින්දා, 16:07