si_uni  ta_uni
TamilEnglish



පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය, පුහුණු කිරීම් හා හැකියා වර්ධනය පිළිබඳ තත්ත්වය. ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය හා පුහුණු කිරීම් පිළිබඳ තත්ත්වයට අදාල වන දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා වි... තව දුරටත් කියවන්න
ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සදහා ස්වකීය අභිමතය ප්‍රකාශ කිරීම - 2012   හැදින්වීම: තිරසර සංවර්ධනය හමුවේ ඇති අභියෝගවලට මුහුණදීම සදහා කාලීන නවෝත්පාදන වෙත යොමුවිම් අවශ්‍යව ඇත. ඕනෑම රකටක සමාජයීය... තව දුරටත් කියවන්න
නිල්ල පිරුණු රටක් පැහැබර අනාගතයක්   දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහන 2012 . සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2012... තව දුරටත් කියවන්න
මුල් පිටුව සේවාවන්
බලය පැවරූ ජාතික අධිකාරිය.(DNA)

බලය පැවරූ ජාතික අධිකාරිය යනු ශ්‍රී ලංකාවෙහි  පවිත්‍ර සංවර්ධන කළමනාකරණ CDM ව්‍යාපෘතියෙහි ආයතනවල සහභාගිත්වය සැලසුම් කිරීම සඳහා සහ අනුමත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පිහිටුවන ලද ආයතනයකි. බලය පැවරූ ජාතික අධිකාරියෙහි ප්‍රධාන කාර්ය වන්නේ යෝජිත පවිත්‍ර සංවර්ධන කළමනාකරණ (CDM) ව්‍යාපෘති ශ්‍රී ලංකාවෙහි තිරසාර සංවර්ධන අරමුණු ජයග්‍රහණය කිරීමේදී සහාය වන්නේද යන්න ඇගයීම සහ පවිත්‍ර සංවර්ධන කළමනාකරණ CDM ව්‍යාපෘතිවලට සහභාගි වන්නන්ට අනුමත ලිපි නිකුත් කිරීමයි.

මෙම කාරණයේදී බලය පැවරූ ජාතික අධිකාරිය

1.   CDM ව්‍යාපෘති ඇගයීම සහ අනුමත කිරිම

2.   CDM ව්‍යාපෘති සංවර්ධනය පිළිබඳ ධාරිතාව සංවර්ධනය

3.   CDM ව්‍යාපෘති වෙළඳපල සහ පහත කාර්ය සම්බන්ධව සාකච්ඡා පවත්වයි.

 

1. ඇගයීම සහ අනුමත කිරීම

1.   ජාත්‍යන්තර නිර්ණායක තෝරා ගැනීම

2.   ජාතික නිර්ණායක සංවර්ධනය

3.   CDM  ව්‍යාපෘති සංවර්ධනය පිළිබඳ මාර්ගෝපදේශ පිහිටුවීම

4.   CDM ව්‍යාපෘති අනුමත කිරීම සහ ඇගයීම පිළිබඳව ජාතික ක්‍රියා පටිපාටි සැකසීම

 

2.   CDM ව්‍යාපෘති සංවර්ධනය පිළිබඳ ධාරිතා සංවර්ධනය

1.   ව්‍යාපෘති හඳුනාගැනීම සහ විධිමත්ව සකස් කිරීම

2.  නිශ්චිත සීමා සැකසීම

3.  විමෝචනය අඩු කිරීම ප්‍රමාණනය කිරීම

4.  ව්‍යාපෘති කාර්යසාධනය අධීක්ෂණය කිරීම

3.   CDM වෙළඳප ප්‍රවර්ධනය

1.   විශ්වාසනීය තොරතුරු සහ දත්ත ඇතුලත් ලිපිගොනු සංවර්ධනය

2.   CDM ව්‍යාපෘති සංවර්ධනය, විධිමත්ව සකස් කිරීම සහ හඳුනා ගැනීම සම්බන්ධ තාක්ෂණික සහාය සැපයීම සහ ශ්‍රී ලංකාවේ පවතින CDM ව්‍යාපෘති සම්බන්ධ සීමා සැකසීම

3.   කාබන් වෙළඳපොල සම්බන්ධ තොරතුරු සැපයීම

4.   උපරිම ප්‍රමාණයෙන් ප්‍රතිඵලදායී වන කාබන් විමෝචක සමීක්ෂන උත්පාදනය පිණිස සහාය වීම

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 13 වෙනි සිකුරාදා, 16:29