si_uni  ta_uni
TamilEnglish



පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
  • 4
ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය, පුහුණු කිරීම් හා හැකියා වර්ධනය පිළිබඳ තත්ත්වය. ශ්‍රී ලංකාවේ ජෛව ආරක්ෂිත ක්‍රම පිළිබඳ අධ්‍යාපනය හා පුහුණු කිරීම් පිළිබඳ තත්ත්වයට අදාල වන දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා වි... තව දුරටත් කියවන්න
නිල්ල පිරුණු රටක් - පැහැබර අනාගතයක්   දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහන 2013 සමාරම්භක උත්සවය ලේකම්තුමාගේ  ප්‍රධානත්වයෙන් 2013 නොවැම්බර් මස 15 වන දින පෙ... තව දුරටත් කියවන්න
ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සදහා ස්වකීය අභිමතය ප්‍රකාශ කිරීම - 2013 හැඳින්වීම: තිරසර සංවර්ධනය හමුවේ ඇති අභියෝගවලට මුහුණදීම සදහා කාලීන නවෝත්පාදන වෙත යොමුවිම අවශ්‍යව ඇත. ඕනෑම රටක සමාජයීය හා ආර්ථික අං... තව දුරටත් කියවන්න
“Conservation and Sustainable Use of soil Biodiversity” There are no translations available.   “Conservation and Sustainable Use of soil Biodiversity” FIRST NATIONAL SY... තව දුරටත් කියවන්න
මුල් පිටුව අප ගැන
අප පිළිබඳ තොරතුරු

 

අපේ දැක්ම :


"පරිසරය පිළිබඳ දැනුවත් වූ ජාතියක් සහ ගෝලීය දේශගුණික විපර්යාසවලදී ඉහළ මට්ටමේ ප්‍රත්‍යස්ථිතියක් සහිත සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්"
 

අපේ මෙහෙවර :


"දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේදී, දේශීය, කලාපීය සහ ගෝලීය වශයෙන් ගන්නා
උත්සාහයන් සඳහා දායක වීමට පෘථුල ක්‍රියාමාර්ග ගැනීමට සහ ඉදිරියේ ඇති විය හැකි නොවැලැක්විය
හැකි කාලගුණික විපර්යාස තිරසාර ජාතික සංවර්ධන සැලසුම්වලට අනුකලනය කිරීමට රටට මග
පෙන්වීම."

 

අදාළ ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් සංවර්ධනය කිරීම ද ඇතුළත්ව දේශගුණික විපර්යාස සඳහා ප‍්‍රතිචාර දැක්වීමේ වගකීම භාර ගැනීම සඳහා කැපවී සිටින ආයතනික යාන්ත‍්‍රණය ලෙස කටයුතු කිරීම. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ජාතික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා, ප‍්‍රමුඛතාවයන් සහ සංවර්ධන යාන්ත‍්‍රණයන් හඳුනා ගැනීමට, ජාතික මට්ටමේ සහ ජාතික මට්ටම යටතේ ඇති ආංශික ආයතන සමග සම්බන්ධීකරණය කිරීම.

දේශගුණික විපර්යාස මගින් ඇතිවන ප‍්‍රධාන පාරිසරික අභියෝගයන්ට විවිධ අංශ සම්බන්ධවී තිබීමේ ස්වභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සහ කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් වන එක්සත්ජාතීන්ගේ රාමු සම්මුතිය (UNFCCC) සහ ක්යෝතෝ සම්මුතිය (Kyoto Protocol) යටතේ ඇති වගකීම් ඉටුකිරීම සඳහා UNFCCC සහ ක්යෝතෝ සම්මුතිය සඳහා ජාතික වශයෙන් ප‍්‍රධාන අවධානය යොමු කර ඇති පරිසර අමාත්‍යාංශය විසින් එය යටතේ ක‍්‍රියාත්මක වන දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන තිබේ.

දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්‍ෂතුමා යටතේ පාලනය වන දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය මගින් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ගැටළුවක් ද වන" පාරිසරික වශයෙන් අවධානය යොමු විය යුතු කාර්යයන් ලෙස වර්ග කරන" දේශගුණික විපර්යාස නිසා ඇතිවන අභියෝග සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීම සඳහා පෘථුල ජාතික ප‍්‍රවේශයක් යොදාගනු ලබයි.

දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ අරමුණු

සංවර්ධන ක‍්‍රියාවලියට අන්තර්ගත කිරීම සඳහා දේශගුණික විපර්යාස නිසා ඇතිවන ගැටළු සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් කටයුතු කිරීමට සදුසු තාර්කික පසුබිමක් සකස් කර දීම.

අදාල ප්‍රතිපත්ති සහ වැඩසටහන් සංවර්ධනය කිරීම ද ඇතුළත්ව දේශගුණික විපර්යාස සඳහා ප්‍රතිචාර දැක්වීමේ වගකීම භාර ගැනීම සඳහා කැපවී සිටින ආයතනික යාන්ත්‍රණය ලෙස කටයුතු කිරීම.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාවයන් සහ සංවර්ධන යාන්ත්‍රණයන් හඳුනා ගැනීමට, ජාතික මට්ටමේ සහ ජාතික මට්ටම් යටතේ ඇති ආංශික ආයතන සමග සම්බන්ධීකරණය කිරීම.

ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ සහ ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා දේශගුණික විපර්යාස සම්බන්ධ පර්යේෂණ භාර ගැනීමට සහ එම පර්යේෂණ ප‍්‍රතිඵල බෙදා හැරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ජාතික වශයෙන් ප‍්‍රතිචාර දැක්වීමේ ප‍්‍රතිඵල අධීක්‍ෂණය කිරීම සඳහා යාන්ත‍්‍රණයක් පිහිටුවීම.

UNFCCC ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණය සිදු කිරීම සහ COP හි රැස්වීම් සහ වෙනත් දේශගුණික විපර්යාස සම්බන්ධ රැස්වීම් සඳහා ශ‍්‍රී ලංකාවේ සහභාගීත්වයට අදාළ ලිපි ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වගකීම දැරීම.

CDM ව්‍යාපෘති අනුමත කිරීම සම්බන්ධයෙන් පත්කරනලද ජාතික අධිකාරියේ (DNA) සහ ලේකම් කාර්යාලය ලෙස කටයුතු කිරීම.

දේශගුණික විපර්යාස සම්බන්ධ ජාතික උපදේශක කමිටුව (NACCC) :
වඩා පුළුල් යෙදවුම් මගින් වඩා හොඳ තීරණ ගැනීමට උනන්දු කිරීම, විවිධාකාර වූ අදහස් අනුකලනය කිරීම, මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් ක‍්‍රියාකාරන්නන් ඒක රාශි කිරීම සඳහා දේශගුණික විපර්යාස සම්බන්ධ ජාතික උපදේශක කමිටුව ^NACCC) MENR යටතේ පිහිටුවා ඇති අතර දේශගුණික විපර්යාස සම්බන්ධ සියළු කටයුතු NACCC මගින් සම්බන්ධීකරණය කරනු ලැබේ.

දේශගුණික විපර්යාස සම්බන්ධ ජාතික උපදේශන කමිටුවෙහි (NACCC) අරමුණු

දේශගුණික විපර්යාස සම්බන්ධ ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් ජාතික සංවර්ධන ප‍්‍රමුඛතා සහ අරමුණු සමග අනුකූල වන බවට සහතික කරගැනීම.

ජාතික සංවර්ධන න්‍යාය පත‍්‍රයෙහි තත්ත්වයන් යටතේ, දේශගුණික විපර්යාස මගින් ඇතිවන ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සංවාද මණ්ඩපයක් වශයෙන් කි‍්‍රයාත්මක වීම සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාමාර්ග පිළිබඳ උපදේශන සභාවක් ලෙස කටයුතු කිරීම.

පර්යේෂකයින් විසින් භාරගනු ලබන පරිසරයට හානිය අඩුකිරීම, බලපෑම්, සහ අනුවර්තනයවීම් පිළිබඳ පර්යේෂණ අධ්‍යයනයන් නිර්දේශ කිරීම, පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණ (CDM) ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය වර්ධනය කිරීම.

දේශගුණික විපර්යාස සම්බන්ධ ජාතික උපදේශන කමිටුවෙහි (NACCC) වගකීම්වලට පහත සඳහන් දෑ අඩංගුවේ.:

හරිතාගාර වායු (GHG) විමෝචන ලේඛනයක් සහ බලශක්ති උත්පාදනය, කෘෂිකර්මාන්තය, වනවගාව, ඉඩම් පරිහරණ වෙනස්කිරීම් සහ අපද්‍රව්‍ය කළමනාකරණය වැනි මිනිසා මූලික වන ක‍්‍රියාවන්ගේ අපහරණයන් සහ දැනට සිදුකෙරෙමින් පවතින දෙවන ජාතික සන්නිවේදනය සැකසීමේ ක‍්‍රියාවලිය ද ඇතුළු දේශගුණික විපර්යාස සම්බන්ධ ජාතික සන්නිවේදනයක් සකස්කිරීම සඳහා සමස්ථ මගපෙන්වීම ලබාදීම.;

හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම සහ සියළුම හරිතාගාර වායු උරාගන්නා වනාන්තර ප‍්‍රදේශ වර්ධනය කිරීම සඳහා ප‍්‍රතිපත්ති සහ ක‍්‍රමෝපායයන් සකස් කිරීම සඳහා මගපෙන්වීම ලබා දීම.

අනුවර්තනය කරගැනීම් සහ දේශගුණික විපරියාසවලින් ප‍්‍රධාන සමාජ ආර්ථික අංශයන් කෙරෙහි ඇති බලපෑම්වලට ප‍්‍රතිචාර ක‍්‍රමෝපායයන් යොදාගැනීම සඳහා ප‍්‍රතිපත්ති විකල්පයන් සපයාදීම;

නිසි දැරීමේ ශක්තිය ගොඩනැගීම සහ දේශගුණික විපර්යාසවලින් හානි විය හැකි ක්‍ෂෙත‍්‍ර කළමනාකරණය කිරීම, ආරක්‍ෂා කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා දේශගුණික බලපෑම් වලින් සිදුවිය හැකි බලපෑම් පිළිබඳ පර්යේෂණ අධ්‍යයනයන් සිදු කිරීම ද ඇතුලත් දේශගුණික විපර්යාසයන්ගේ හානිකර බලපෑම්වලට අනුවර්තනයවීම සඳහා යෝජිත ප‍්‍රතිපත්ති, ක‍්‍රමෝපායයන් සහ සැලසුම් සඳහා නිර්දේශයන් ලබාදීම;

COP සහ UNFCC රැස්වීම් සඳහා ශ‍්‍රී ලංකා රජයට විවිධ මත සාකච්ඡා කිරීම සහ ක‍්‍රමෝපායයන් සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සළසා දීම.;

විද්‍යාත්මක, තාක්‍ෂණවේදී, තාක්‍ෂණික, සමාජ-ආර්ථික සහ වෙනත් පර්යේෂණ වැඩි දියුණු කිරීම සහ ඒ සඳහා සහයෝගය ලබා දීම, දේශගුණ ක‍්‍රම සම්බන්ධ තොරතුරු ක‍්‍රමානුකූලව පරීක්‍ෂාකිරීම සහ සංරක්‍ෂණයකර තබාගැනීම සංවර්ධනය කිරීම, ජාලගතකරණය සහ සියළු කොටස්කරුවන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම වැඩි දියුණු කරගැනීම සඳහා මග පෙන්වීම ලබාදීම.

දෙවන ජාතික සංනිවේදනය (SNC) සකස් කිරීම සඳහා උපදෙස් ලබාදීම, තාක්‍ෂණ ක‍්‍රියාකාරී කණ්ඩායමේ නිර්දේශයන් සහ තීරණ ඇතුළත් කිරීම, සහ පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණ (CDM) ක‍්‍රියාවලියේ ක‍්‍රියාකාරකම් විමර්ශනය කිරීම.

පුළුල් මහජන සහභාගීත්වය තුළින් හරිතාගාර වායු අපහරණය අඩු කිරීමට දැනුවත්භාවය සහ ක‍්‍රියාමාර්ග ගැනීම වර්ධනය කිරීම සඳහා ක‍්‍රමෝපායයන් සහ වැඩසටහන් සකස් කිරීම.

සීමා සහිත ශ‍්‍රී ලංකා කාබන් අරමුදල (SLCF)

කැබිනට් තීරණයක් මත, 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් ලෙස ශ‍්‍රී ලංකා කාබන් අරමුදල 2008.04.09 වෙනි දින පිහිටුවන ලදී (ලියාපදිංචි අංක PV63181& මෙය රජයට අයත් පෞද්ගලික සමාගමකි: කොටස්වලින් බහුතරය වන 51% ක කොටස් හිමිකාරත්වය රජය සතුය. ඉතිරි කොටස් ප‍්‍රාග්ධනය පෞද්ගලික අංශයද ඇතුළත් වෙනත් මාර්ග වලින් උපයා ගනු ඇත.

සඟරාව පිටපත් කර ගන්න (පිටු අංක 1 සහ 2)

ශ‍්‍රී ලංකා කාබන් අරමුදලෙහි (SLFC) අරමුණු පහත සඳහන් පරිදි වේ:

1. ව්‍යාපෘති ප‍්‍රලේඛන සකස් කිරීම සඳහා පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණ (CDM) ව්‍යාපෘති සංවර්ධනය කරන්නන් සඳහා තාක්‍ෂණික සහ මූල්‍ය සහයෝගය ලබාදීම.
2. කුඩා පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණ (CDM) ව්‍යාපෘති එකට එක් කිරීමට පහසුකම් සැලසීම.
3. පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණ (CDM)ව්‍යාපෘති සඳහා වාණීජ බැංකු හරහා ප‍්‍රාග්ධන අරමුදල් සපයා ගැනීමට ප‍්‍රවේශවීම සඳහා පහසුකම් සැලසීම.
4. පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණ (CDM) ව්‍යාපෘති සඳහා ප‍්‍රාග්ධන අරමුදල් සපයාදීම.
5. කාබන් මිලදී ගැනීම හා නිසි පුද්ගලයින්ට විකිණීම මගින් කාබන් වෙළඳාමෙහි යෙදීම.

තේමාත්මක ක්‍ෂෙත‍්‍ර :

ශ‍්‍රී ලංකා කාබන් අරමුදලට (SLCF) පහත සඳහන් අංශයන්ගේ විමෝචනය අඩු කිරීම සඳහා උපකාර විය හැක :

පුනර්ජනනීය බලශක්තිය (ජල, සුළං, සූර්ය, ජීවස්කන්ධ බලශක්ති උත්පාදනය&
බලශක්ති සංරක්‍ෂණය
තිරසාර ප‍්‍රවාහනය
කළමනාකරණය
නාගරික/ ඝන අපද්‍රව්‍ය
වන වගාව
කර්මාන්ත

පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණය (CDM) සඳහා අවස්ථා

පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණය (CDM) ක්යෝතෝ සම්මුතියේ 12 වෙනි වගන්තිය යටතේ ප‍්‍රතික්‍ෂෙප කරන ලද යාන්ත‍්‍රණයකි. තිරසාර සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා අංක 1 ඇමුණෙහි ඇතුලත් නොවන පාර්ශව සඳහා පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණය (CDM) උපකාර වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. අංක 1 ඇමුණුමෙහි සඳහන් පාර්ශව සඳහා ක්යෝතෝ සම්මුතිය යටතේ දක්වා ඇති පරිදි ඒවායේ ප‍්‍රමාණ කර ඇති විමෝචන සීමාවන් සමග අනුකූලවීම සාක්ෂාත් කරගැනීමේ හා අඩුකරගැනීමේ කටයුතු සඳහා පවිත‍්‍ර සංවර්ධන යාන්ත‍්‍රණය (CDM) උපකාර කරයි.
සගරාව පිටපත් කරගන්න (පිටු අංක 1 සහ 2)

අවසන් යාවත්කාලීන කිරීම 2013 මාර්තු 01 වෙනි සිකුරාදා, 14:37