| පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ පණිවුඩය |
|
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ රජය දක්වන කැපවීමේ ප්‍රතිඵල සාක්ෂාත් කරගනු වස්, තිරසාර සංවර්ධනය සඳහා “හරිත ලංකා“ නම් වැඩසටහන ක්‍රියාවට නංවමින්, රජය විසින් තිරසාර මාවතට පිවිසීම සඳහා සිදු කරන ලද සියළුම සංවර්ධන ක්‍රියාකාරකම් එක්තැන් කිරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් මුල පුරා ඇත. තිරසාර සංවර්ධනය යන සංකල්පය ශ්‍රී ලංකාවට අලුත් යමක් නොවූ අතර, අප මුතුන්මිත්තන් විසින් පරිසර විද්‍යාත්මක සමතුලිතතාවය දැඩි සේ අදාළ කරගත් අද්විතීය ජලාශ්‍රිත ශිෂ්ඨාචාරය හඳුන්වා දුන් වසර 1500කට පවා පෙර සමාජය තුළද ජීවන රටාවක් වශයෙන් එය තදින් මුල් බැස ගෙන තිබුණි. කෙසේ වුවද මෑත අතීතය දක්වාම ආර්ථික වර්ධනය මුදල් උත්පාදනය සමග සම්බන්ධ වී තිබූ අතර දශක හතරක පහක පරාසයක් තුළ, අපට උරුම වූ ස්වාභාවික වස්තු වලින් බොහෝ ප්‍රමාණයක් විනාශයට පත් වී ඇත එවැනි බොහොමයක් පාරිසරික සංවර්ධන මුලපිරීම් දීර්ඝකාලීන ක්‍රියාවලීන් වන අතර එම ක්‍රියාවලීන් තුළින් ලැබෙන ජයග්‍රහණ දැකගත හැකි වන්නේ අනාගත පරම්පරාවලට පමණි. කෙසේ වුවද, වඩා පරිසර හිතවාදී ජීවන තත්ත්වයක් අපේ ඉදිරි පරපුරට දායක කිරීමේ අභිප්‍රායෙන් අපි ඉතා උද්යෝගයෙන් අපේ මෙහෙය දිගටම ඉටුකරන්නෙමු.
|
| අවසන් යාවත්කාලීන කිරීම 2013 මාර්තු 01 වෙනි සිකුරාදා, 11:52 |







අනාගත පරපුරේ ශුභ සිද්ධිය සැලකිල්ලට ගනිමින් පරිසරය සුරැකීම රජයේ මහඟු වගකීමක් බව ශ්‍රී ලංකා සංවර්ධන ප්‍රතිපත්ති රාමුව විදහා දක්වන “මහින්ද චිත්න - ඉදිරි දැක්ම“ තුළ පැහැදිලිව සඳහන් කොට ඇත.